Sunday, September 22, 2024

රුසියාවේ ප්‍රහාරක යානා රැගත් නෞකාව සිරියාවට

රුසියාවේ ප්‍රහාරක ගුවන් යානා සහ ක්‍රෑස් මිසයිල රැගත් අද්මිරාල් කස්නෙට්සොව් නෞකාව මධ්‍යධරණී සාගරය වෙත ගමන් කරමින් සිරියාව හා එම කාලපයේ ආරක්ෂාව තහවුරු කිරීමට සූදානමින් සිටියි.

එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මෙය තහවුරු කර ඇති අතර, නැගෙනහිර මධ්‍යධරණී සාගරයේ ඇති රුසියානු නාවික බලඇණිය සතුව දැනටමත් නෞකා හයක් එම සාගරයේ ඇති බවත්, ඉන් හතරක් සැපයුම් නෞකා හතරක් බවත් ඉතිරි නෞකා ප්‍රහාරක නෞකා බවත් පවසා සිටියි.

ඒ අනුව, අද්මිරාල් කස්නෙට්සොව් නෞකාව එම යාත්‍රා බලඇණිය සමග සම්බන්ධ වෙමින්, එහි පෙරමුණ ගෙන කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇති බවද කියයි.

එමෙන්ම, රුසියානු නාවික බලඇණි 2013 වසරේ සිට නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ රැඳී සිටින බවද ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියි.

ඇමෙරිකාව හා රුසියාව එක්ව සිරියාව තුළ ඇති කළ සටන් විරාමය වරින්වර කඩතොළු වන වටපිටාවක මෙය සිදුවන අතර, පසුගියදා එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර තොගයක් රැගෙන ගිය ලොරි රථ පෙළක්ද විනාශ කෙරිණි.

මෙය රුසියානු ගුවන් හමුදාවේ ප්‍රහාරයක් බවට ඇමෙරිකාව චෝදනා කරද්දී, රුසියානු ආරක්ෂක අංශ එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී සටන්කාමීන් තම ප්‍රහාරක රථ එම ලොරි පෙළ ආසන්නයෙන් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන්ද සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබුණි. එමෙන්ම, රුසියාව තවදුරටත් අවධාරණය කරන්නේ ඇමෙරිකානු ඩ්‍රෝන යානාද මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඒ ආසන්නයෙන් ගමන් කළ බවයි.

ru-2ru-3

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles