රුසියාවේ රෝයල් ගුවන් සේවය ශ්‍රී ලංකාවට එයි

0
445

රුසියානු ගුවන් සේවයට අයත් රොයල් ගුවන් සමාගමේ ගුවන් යානා දිවයිනට පැමිණීමේ වැඩසටහන යටතේ ප්‍රථම ගුවන් යානය සිය මංගල ගමන නිම කොට ඊයේ (01දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සාර්ථකව ගොඩ බැස්සවීය.

ගුවන් මගීන් 309 දෙනෙකුගෙන් සමන්විතව පැමිණි ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර සිදුකොට පිළිගැනීම සිදුකෙරිණි.

අනතුරුව එම යානයෙන් ගුවන් මගීන් සංචාරක මණ්ඩලය සහ මගී සත්කාරක සේවා ආයතන නිලධාරිනියන් විසින් මානෙල් පුෂ්ප පිළිගන්වා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එළඹෙන වසර අවසන්වීමට  පෙර මොස්කව් කොළඔ සෘජු ගමනාන්ත ලෙසින් ඇරඹෙන ගුවන් මෙහෙයුම් වාර 18 කාලසටහනක් තුළ විදේශ සංචාරකයන් 5400ක් ඉක්මවනු ඇතැයි  අපේක්ෂා කරනු ඇති බව එයිට්කන් ස්පෙන්ස් සමාගම සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here