රුසියාව යුක්රේනයට අවසන් නියෝගය කිව් අගනුවර අල්ලන්න ආසන්නයි !

0
550

එරට රුසියන් හමුදාව කිව් අගනුවර අල්ලා ගැනීමට ආසන්න යැයි විදෙස් මාධ්‍ය සදහන් කළේය.නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසයි.

එම කිව් නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.

මෙම කිවි නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය.

රුසියන් හමුදාව ප්‍රහාර සදහා මේ වනවිට අධි බැලති රික්තක බෝම්බ ද යොදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා කරයි.මේ වනවිට රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් වාර්තා වේ.රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබු ගණන 400කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here