රුසියාව විසින් Instagram අවහිර කරයි

0
292

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයට ප්‍රවේශවීම රුසියාව විසින් අවහිර කර ඇති බව වාර්තා වනවා.

ඒ, රුසියානු හමුදාවන්ට සහ එහි නායකත්වයට එරෙහි ප්‍රචන්ඩත්වය ප්‍රවර්ධනය කරන ප්‍රකාශවලට ඉන්ස්ටග්‍රෑම් ඇතුළත් මෙටා සමාගම ඉඩ සැළසීමත් සමඟයි.

යුක්රේනයේ යුද මෙහෙයුම් පිළිබඳ ප්‍රචාර හේතුවෙන් ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යය ද රුසියාව විසින් මීට පෙර අවහිර කරනු ලැබුවා.

රුසියානු මාධ්‍ය නියාමන ආයතනය අද නිවේදනය කළේ සීමාවන් පැනවුණු අන්තර්ජාල මූලාශ්‍ර ලැයිස්තුවට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයද අද (14) සිට ඇතුළත් කරන බවයි.

ඉන්ස්ටග්‍රෑම් රුසියානු තරුණ පෙළ අතර ජනප්‍රියතම සමාජ මාධ්‍යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here