රුසියා – යුක්‍රේන සංචාරක ව්‍යාපාරයට යළි කණකොකා හඬයි

0
516

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින ගැටුම් නිසා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම්බලපෑමක් ඇතිවිය හැකි බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා පවසයි.

කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේදී රුසියාවෙන් සහ යුක්රේනයෙන් සංචාරකයින් විශාල පිරිසක් පැමිණි බවත් මෙම යුද ගැටුම් හමුවේ එම සංචාරකයින් පැමිණීම නතර විය හැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ගැටුම හමුවේ ශ‍්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් හා සම්බන්ධ නොවී මධ්‍යස්ථව කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here