Thursday, January 23, 2025

රු. කෝටියක කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ සොයා ගනී

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ තොගයක් බොරැල්ල ගෝතමී පාරේ ගබඩාවක තිබී ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් ඒකකය හා පොලිසිය එක්ව කරන ලද වැටලීමකදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

 මේ කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ තොගය මෙරටට ආනයනය කර ඇති බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලද තොරතුරක් මත වැටලීම කර තිබේ. මේ කල් ඉකුත් වූ උපකරණ නැවත භාවිතය සඳහා ලේබල් කරමින් සිටියදීම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

එම ස්ථානයේ තිබී මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ, රසායන ද්‍රව්‍ය ආදී ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙන අතර ඒවා ලේබල් නොමැතිව මෙරටට ගෙනවිත් මෙරටදී ලේබල් ඇලවීම කර පෞද්ගලික රෝහල් රැසකට බෙදා හැර තිබෙන බවත් මේ වන විට කළ මූලික විමර්ශනවලින් අනාවරණය කර ගෙන තිබේ.

MEDIDIAG යන නමින් ගෝතමී පාර කොළඹ 08 යන ස්ථානයක පවත්වා ගෙන ගොස් ඇති වෛද්‍ය උපකරණ ගබඩාව පවත්වගෙන ගොස් ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පාලක අමිත් පෙරේරා මහතා පැවසීය.

මේ ජාවාරම කර තිබෙන්නේ කුමන ආකාරයකටද යන්න සොයා බලන බවත් මේ වන විට මේ භාණ්ඩ බෙදා හැර ඇත්තේ කුමන ස්ථානවලටද යන්න පිළිබඳත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කියා සිටි ඒ මහතා මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles