Saturday, October 19, 2024

රු.50ට පොල් දෙනවා – පී හැරිසන්

පොල් බෑයක් රු.50කට ගැනීමට අවශ්‍ය නැති බවත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිහල් මඟින් දැන් පොල් ගෙඩියම රු.50කට ගත හැකි බවත් අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හාරගම ගොවිපල පරිශ්‍රය තුල ඉදිකල සහන අලෙවි සැල විවෘත කරමින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඒ මහතා මේ බව පැවසීය.

මිලියන 03ක් වැය කරමින් ඉදිකල මෙම අලෙවිහල මඟින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිශ්පාදනය කරනු ලබන එලකිරි, යෝගට්, මීකිරි ඇතුලු අනෙකුත් නිශ්පාදන සහන මිලට මෙන්ම වර්තමානයේ ජනතාවගේ කතාබහට ලක්වන පොල්ද රු.50 සිට පාරිභෝගික ජනතාවට මිලදි ගත හැකිය.

මේ දිනවල පොල් මිල ඉහළ ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ වරදකින් නොවන බවත් පසුගිය වසර තුනක පමණ  කාලයක් පොල් ත්‍රිකෝණය පිහිටි ප්‍රදේශවල තද නියඟයක් ඇති වුණු බවත්  මෙහිදී  අමාත්‍යවරයා පැවසීය.

එම හේතුවෙන් පොල් ගස් ලක්ෂ ගාණක් විනාශ වුණ බවත් ගස්වල ඵලදාව අඩු වූ බවත් පැවසීය.

කෙසේ වෙතත් රජයට අයත් පොල් සංවර්ධන මණ්ඩලය හා තමාගේ අමාත්‍යාංශය යටතේ තියන  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වගේම තවත් ආයතන කිහිපයක් එකතු වී පොල් සහන මිලට ජනතාවට ලබා දීමේ වැඩ පිලිවෙලක් මේවන විට රජය ආරම්භ කර ඇති බවත් එම නිසා දැන් පොල් ගෙඩිය රු .100 ට ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවිහල්වලින් රු. 40 සිට රු. 60 දක්වා විශේෂ සහන මිලට ජනතාවට පොල් මිලදී ගැනීමට හැකියාව ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles