Thursday, September 19, 2024

රූපවාහිනී ප්‍රවෘත්ති අංශය අවුලක – අධ්‍යක්ෂක ජනරාල්ගේ හිතවතෙක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් කරලා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයට අධ්‍යක්ෂවරයකු පත්කර ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත පත් කිරීම සිදු නොකර සිටීමත් සමඟ ජාතික රූපවාහිනියේ නිලධාරීන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඇත.

මේ සිදුවීම පසුපස සිටින රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවශ්‍යතාව වී ඇත්තේ තම හිතවතෙකුට මෙම තනතුර ලබා දීමයි.

රූපවාහිනී සංස්ථාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු), අධ්‍යක්ෂ පරිපාලන හා අමාත්‍යාංශ නිලධාරියකුගේ මෙහෙයවීම මත සම්මුඛ පරීක්ෂණය ඉකුත් 03 වැනිදා සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි

එහෙත් දින 14ක් ඉක්ම ගියද එහි ප්‍රතිඵල මත මේ දක්වා පත් කිරීම් සිදු කර නැත.

අදාළ පත් කිරීම් සිදු නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.

සම්මුඛ පරීක්ෂණයේ ඇති වූ තත්වය ඊට සහභාගි වූ පිරිස් විසින්ම විවිධ පාර්ශවවලට දැන්වීමත් සමග එහි සියලු තොරතුරු රූපවාහිනි සංස්ථා සේවකයින්ට දැනගන්නට ලැබී ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද මහතා මේ මාසය අවසන් වීමට පෙර සිය ධූරයෙන් ඉවත් වීමට සිදු වන බව දන්නා හෙයින් ඊට පෙර බාහිර පාර්ශව වලින් එල්ල වන පීඩනය හමුවේ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු අඩු අයෙක් ඊට පත් කිරීමට සූදානමින් සිටී.

හිටපු අමාත්‍යවරයෙකු වන රූපවාහිනී සංස්ථාව වත්මන් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාද මෙම තීරණයට එරෙහි වී ඇති අතර සාධාරණය ඉටු කළ යුතු බවට දැඩි ස්ථාවරයක ඔහු එළැඹ සිටී.

  • උපුටා ගැනීම News Pedia වෙබ් අඩවියෙන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles