රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

0
763

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි වගඋත්තරකරුවන් පස්දෙනෙකුට නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි.

මේ අතර ඇය සඳහන් කරන්නේ තමන්ට සිදු වූ සිදුවීම සහ ඊට අදාල සිද්ධි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක් ඉක්මනින්ම කැඳවන බවයි. CNEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here