රේගුව තුල රාජසන්තක කරන රුපියල් 6000 ක් පමණ වටින විස්කි බෝතලයක් රුපියල් 1500 ට හුවමාරු වන බවට වාර්තා වෙයි

0
467

රේගුව රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් රේගු නිලධාරීන් මේ දිනවල ඉතා අඩු මුදලකට බෙදා ගන්නා බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රේගුවේ කාර්යාල කාර්ය සහයකයාගේ සිට ඉහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා විස්කි බෝතල් මෙම නත්තල් සමයේදී බෙදා ගන්නා බව අනාවරණය වේ.

රාජසන්තක කරනු ලබන විස්කි බෝතල් අඩු මුදලකට අලෙවි කිරීම රේගුව තුළ කාලාන්තරයක් තිස්සේ සිදුවූවත්, ඒ පිළිබඳව කිසිඳු බලධාරියෙකු අවධානය යොමුකර නැතැයිද පැවසේ.

රුපියල් 6000 ක් හෝ ඊට වැඩි වටිනා කමිකින් යුතු විස්කි බෝතලයක් රුපියල් 1000 ත් 1500 ත් අතර මුදලකට රේගු නිලධාරීන් බෙදා ගනු ලබන බව රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත අයි සිල්වා ගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ රාජසන්තක කරනු ලබන විස්කි ඇතුළු බෝතල් එහි සාමාන්‍ය වටිනාකමට උත්සව සමයේදී රේගුවේ අභ්‍යන්තර සේවකයන්ට සුබ සාධන ක්‍රියාවලියක් යටතේ ලබාදෙන බවත්,ඉන් රජයට ආදායමක්ද ලැබෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here