රේවතයට බල්ලෙක් පැන ළමයින් 5ක් කාලා

0
503

බලපිටිය රේවත ජාතික පාසලේ දෙක,තුන සහ හතරවැනි පංතිවලට ඊයේ (10) පෙරවරුවේ හිටි හැටියේ කඩා වැදුණු සුනඛයෙකු එම පංතිවල ඉගෙනුම ලබමින් සිටි කුඩා ළමයින් පස් දෙනෙකු සපා කෑමෙන් තුවාල ලැබ රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අප මේ සම්බන්ධයෙන් රේවත ජාතික පාසලේ විදුහල්පති ඩී.සිරිනන්ද මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ අයිතිකරුවකු නොමැති දඩාවතේ ඇවිදින සුනඛයෙකු ඊයේ පෙරවරුවේ පංති කාමර කීපයකට කඩා වැදී කුඩා ළමයින් පස් දෙනෙකු සපා කා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here