Monday, January 13, 2025

රොසැල්ලේදී එකම පවුලේ තිදෙනා සියදිවි නසා ගැනීමක් බව අනාවරණය වෙයි

වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 103 වැනි සැතපුම් කණුව අසළ දී ඊයේ එකම පවුලේ මව, පියා සහ පුතු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සියදිවි හානි කර ගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, රන් ආභරණ සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය පිරිසට එරෙහි ව ඊයේ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරීමට ද නියමිතව පැවති බවයි.

සිය රන් ආභරණ උකසට ලබා ගෙන ඒවා යළි ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් එම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

එවන් පසුබිමක මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ඔවුන් තුන් දෙනා ඊයේ උදෑසන රොසැල්ල දුම්රිය ස්ථානයට පැමිණ එහි සේවකයින්ගෙන් උඩරට මැණිකේ දුම්රිය පැමිණෙන වේලාව ද විමසා පසුව එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.

ඉන් අනතුරුවයි 103 සැතපුම් කණුව අසල දී බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ මොවුන් ගැටී ඇත්තේ.

එහිදී ප්‍රථමයෙන් 75 වැනි වියේ පසුවන පියත් පසුව 65 හැවිරිදි මවත් ඉන් අනතුරුව 41 වැනි වියේ පසුවන පුත්‍රයාත් දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇතැයි සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා), පි.කමලාවති (65) (මව), ෆැන්සිස් කුමාර්රාජ් (40)(පුතා) යන අය බවයි වාර්තා වන්නේ.

මෙම තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදි ඊයේ (08) දින උදැසන 11.45 ට පමණ දුම්රියේ ගැටී තිබෙනවා .

දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසරකට පමණ ප්‍රථම දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයේ කුලි පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇති බවයි පැවසෙන්නේ.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු සඳහන් කරනවා.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාරදිමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබුණා .

මිය ගිය පුතා කුළුබඩු වෙළදාමේ නිරතව සිටි අයෙකු බවත්, මිය ගිය පුතා විවාහ 04 ක් සිදු කරගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එසේ විවාහ වු කාන්තාවන් අවස්ථා කිහිපයකදිම මියගිය තරුණයා සොයාගෙන නිවසට පැමිණි බවයි ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles