Saturday, September 21, 2024

රෝගීන් නැවත වැඩිවෙයි… මරණ ඉහළට..ඩෙල්ටාව පැතිරෙන ලකුණු…

ඊයේ (26) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 1,665 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

දේශීයව කොරෝනා ආසාදිතයන් 1,653 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 12 දෙනෙකු පසුව හඳුනා ගැණුනා.

ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 298,181 ක්.

ඒ අතරින් 269,007 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,075 ක් වනවා.

පසුගිය 25 වන දා තවත් කොරෝනා මරණ 48 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,147 දක්වා ඉහළ ගියා

රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන් අතරින් දිනකට කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 5කට අධික ප්‍රමාණයක් හඳුනා ගන්නා තත්ත්වයක් මේ වනවිට මතුවී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියා.

දිවයිනේ සියළු දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය සහිත කොරෝනා ආසාදිතයින් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු කියාසිටියේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් එවැනි ආසාදිතයින් බහුතරයක් හමුවී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles