රෝසිගේ බලපෑමට යට නොවූ පොලීසිය, කිව්ලේගෙදර අත්අඩංගුවට ගනී…

0
392

පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ ටච්වූඩ් රුක් රෝපණ සමාගමේ ප්‍රධානී ලංකා කිව්ලේගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ, ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පදවාගෙන යාමේ චෝදනාව යටතේයි. එම රථය තුල තිබී තවත් ව්‍යාජ අංක තහඩු 3ක් සොයා ගෙන ඇති අතර පොලිස්භාරට වාහනය පත්වී ඇත.

ව්‍යාජ අංක තහඩු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කර ඇති අතර එය අගමැතිවරයාගේ පසු ගමන් රථයක් බවට ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙනවා.

ආරංචි මාර්ග සදහන් කරන අන්දමට, සැකකරු බේරාගැනීම සදහා අගමැති කාර්යාලයේ ප්‍රධාන තනතුරක් දරන එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය පොලීසියට බලපෑම් එල්ල කර ඇත. කෙසේ නමුත්, ඇයගේ බලපෑම් ගණන් නොගත් පොලීසිය සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here