Tuesday, January 21, 2025

රෝහල්ගත වන කොරෝනා අසාදිතයින්ගේ ඉහළ යාමක්

දෛනිකව කොරෝනා ආසාදිතයින් රෝහල්ගතවීම ඉහළ යමින් පවතින බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

කරාපිටිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 129 ක් වන අතර, මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රත්නපුර රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා ඇඳන් 70 ක් වෙන් කෙරුණ ද, මේ වන විට ආසාදිතයින් 100 ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බව රත්නපුර රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

මහනුවර ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති ඇඳන් සංඛ්‍යාව 54 ක් වුවත් මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 156 කි.රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා සෙසු වාට්ටුවල කොටසක් ද, යොදා ගෙන ඇති බවයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක තෙල්දෙණිය රෝහලේ ධාරිතාව ද උපරිම මට්ටමට ළඟා වී තිබේ.වෙන් කරන ලද ඇඳන් 160 ම රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රෝහලේ හදිසි ප්‍රතිකාර ඇඳන් 5 ක් ඇති අතර, එම සියල්ලම ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් මේ වන විට යොදා ගෙන අවසන් ය.

කළුබෝවිල රෝහල් කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව 160 කි.
රෝහල් ප්‍රකාශකවෙකු පැවසුවේ, මේ වන විට ආසාදිතයින් 250 ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

IDH රෝහලේ ඇඳන් ධාරිතාව ද, ඉක්මවා යමින් තිබේ.එම රෝහලේ ඇඳන් ධාරිතාව 200 ක් පමණ වන අතර, එම සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණ වී ඇතැයි, රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles