Thursday, January 23, 2025

රෝහල් වැසිකිලියේ බෝම්බ ඇටවූ සැකකරුගේ සහෝදරිය හිටපු කොටි සාමාජිකාවක් බව හෙළිවේ

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක අත්බෝම්බයක් ඇටවූ පුද්ගලයාගේ සහෝදරිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව විමර්ශන වලින් හෙළිවී ඇත.

ත්‍රිකුණාමල උප්පුවේලි හී පදිංචිකරුවෙක් වන සැකකරුගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් වලින් මේ වන විට ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන කළේය.

අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පුපුරවා හැරීමට කල ඇටවුමට මදුරු දඟරයක් සහ එය දැල්වීමට ගිනි පෙට්ටියක් මිලදී ගෙන ඇත්තේ නාරාහේන්පිට පිහිටි වෙළද සැලකින් බවද හෙළිවී ඇත.

මෙම බෝම්බය ඔහු විසින්ම අටවා පුපුරා නොගිය පසු රෝහල් ආරක්ෂක අංශයට ඔහු විසින්ම දැනුම් දී ඇතැයිද පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඒ ගැන සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සදහන් කර ඇත්තේ බෝම්බය පුපුරවා හැරීමට තමාගේ අදහසක් නොතිබුණු බවය. බෝම්බය අටවා ඒ ගැන තොරතුර ලබාදී ප්‍රසිද්ධියක් සහ ගෞරවයක් ලබා ගැනීමත් විශාල ත්‍යාග මුදලක් හිමිකර ගැනීමත් සිය අරමුණ වූ බවද ඔහු පවසා ඇත. බෝම්බය තමාට හමුවූයේ රෝහලේ ඉදිකිරීම් බිමක සේවකයින් රැදී සිටින කාමරයකින් බවද ඔහු පවසා තිබේ. එසේ සේවක කාමරයක බෝම්බය තිබුණි නම් ඒ බව රෝහල් ආරක්ෂක අංශවලට දැනුම් දී ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට හැකියාවක් තිබුණු බවත් වැසිිකිලියේ බෝම්බය ඇටවීමෙන් පෙනී යන්නේ වෙනත් අරමුණකින් ඔහු කටයුතු කර තිබීම යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

සිංහල භාෂාව පවා හරිහැටි තවමත් කථා කිරීමට නොහැකි මෙම පුද්ගලයා සති දෙකකට පෙර ඇදිරිනීතිය පැවතියදී ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බවත් ඒ එන අතරතුර බෝම්බය රැගෙන ආවේදැයි සැකයක් මතුවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles