Saturday, November 16, 2024

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ LPL ක්‍රීඩා කිරීමට අදහසක් නෑ – රෝහිත රාජපක්ෂ

තමන් ක්‍රිකට් පරිපාලනයට සහ LPL T20 තරගාවලියට සහභාගී වීමට සූදානම් වන්නේය යයි මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන්නේ යයි අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කියයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබන රාජපක්ෂ කියා සිටින්නේ තමන්ගෙන් තහවුරු කිරීමක් නොගෙන එවන් මාධ්‍ය වාර්තා පළ කිරීම වගකීම් රහිත ක්‍රියාවක් බවයි.

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

ඒ අනුව එහි වැඩිදුරටත් දැක්වෙන්නේ තහවුරු කර ගැනීමකින් තොරව එවැනි තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වගකීම නොසලකා හැරීමක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles