රෝහිත අබේගුණවර්ධනගේ රුව යෙදූ පාසල් බෑග් කිහිපයක් පාසල් කිහිපයකට බෙදා දී ඇත. කොවිඩ් වසංගතයෙන් පසු දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබිණි.
ඊයේ එලෙස විවෘත වූ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන්ට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් මෙලෙස ඔහුගේ රුව යෙදු පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීම සිදු කර ඇත.
ඒ අනුව එම බෑග් බෙදා දීම රෝහිත අබේගුණවර්ධන පදනම ක්‍රියාත්මක කරන සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය යටතේ සිදු කර ඇති බව අමත්‍යවරයා පවසයි.
එම බෑග් වල රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ රුව විශාල ප්‍රමාණයෙන් මුද්‍රණය කර තිබූ අතර රෝහිත මාමාගෙන් පුංචි තිළිණයක් ලෙසට සටහන් කර තිබේ තිබේ.