ලංකාවට චීන බස් කර්මාන්ත ශාලාවක්

0
318

ශ්‍රී ලංකාව තුල බස් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට චීන සමාගමක් වන Shiomon kinglong කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා වන අවබෝධතා ගිවිසුමි සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ ව්‍යාපාරය සහ චීනයේ ෂියොමන් කිං ලෝන්ග් යුනයිටඩ් මෝටර්රථ සමාගම සමඟ පසුගිය සතියේ අත්සන් කර තිබෙනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ වරාය ආයෝඡන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැං ගේ නායකත්වයෙන් යුත් එච්අයිපීජී හි ආයෝජන ප්‍රවර්ධන කණ්ඩායම විසින් මෙය මෙහෙයවා තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුමත් සමඟ ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවකට වාහන සපයන එම සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කර්මාන්ත ගම්මාන තුළ බස් ‍රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් නුදුරැ දිනයේදීම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

දේශිය මෙන්ම විදේශීය මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් නවතම් බස් රථ මෙම සමාගම මගින් නිපදවනු ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here