Sunday, September 22, 2024

ලංකාවට බලෙන් පොහොර නැව් ගේන මහා බලවතා – කවුද මෙි සේදර ?

මෙරට ලංකාව තුලට බලෙන් ඇතුල් වීමට සූදානමින් සිටින චීන පොහොර නැව අයත් සමාගම වන ක්වින්ඩාවෝ සමාගමේ දේශීය ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන සමාගමේ හිමිකරු ‘සේදර’ නැමැත්තකු බව මේ වනවිට අනාවරණය වී ඇත.

අනාවරණය වූයේ ද මෑතකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉවත් කරනු ලැබූ පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සිදු කළ සාකච්ජාවකදී වේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදු කළ මෙම සාකච්ජාවේදී ඒ මහතා කියා සිටින්නේ මෙම චීන සමාගමේ දේශීය නියෝජිතයා සේදර නැමැත්තකු බවත්, ඔහු වටා සිටින පිරිස් පිළිබද තමන් නොදැනුවත් බවය.

ආන්දෝලනයකට ලක්ව ඇති කාබනික පොහොර ගෙන්වූ සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් සහිත සේදර කෙනෙක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ජනාධිපතිට දුන් ලණුවක් බවත් ඊනියා විද්වතුන් ඉදිරිපත් කිරීම් කරමින් ජනාධිපතිවරයා රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

ළඟදිම මේ හේතුවෙන් මහත් සාගතයක් නිර්මාණය වන බවත් දැන්වත් මෙම තීරණය පසු පසට ගත යුතු බවත් ඔහු කියා සිටියි.

එම සාකච්ඡාව පහතින්,

https://youtu.be/ROf8ivIcFkE

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles