ලංකාවේ ජනගහනයෙන් 60%කට මන්දපෝෂණය

0
389

කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%කට පමණ පෝෂදායී ආහාර නොලැබෙන ලැබෙමින් ඇතැයි ආහාර අයිතීන් පිළිබඳව සොයා බැලීමේදී ජාතික ආයතනය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ දිස්ත්රික්ක දහයක් පදනම් කරගනිමින් එම ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත.

කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අදාළව සිදු කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළි දක්වා තිබේ.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 71%ක් අඩු මිල ආහාර ලබා ගෙන ඇති බවත් 69%ක් සතියේ ආහාර වේල් වලින් පහක් ලබාගෙන නැති බවත් හෙළි වී ඇත.

14%ක් සතියකට දිනයක් හෝ දෙකක් එකම ආහාර වේලක් හෝ ලබාගෙන නොමැති බවද එම වාර්තාවෙන් හෙළි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here