ලංකාවේ අපරාධ හොයන්න “හයිබ්‍රිඩ්” අධිකරණයක් අත්‍යාවශ්‍යයි – හුසේන් කුමරු

0
348
Zeid Ra’ad Al Hussein, United Nations High Commissioner for Human Rights briefs the press on Sexual abuse in foreign military operations, Palais des Nations. Friday 8 May 2015. Photo by Violaine Martin

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක්‌ “හයිබ්‍රිඩ්” අත්‍යවශ්‍ය බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ වාචික වාර්තාව ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූණා. නමුත්, ඊට පෙර එම වාර්තාවට ඊළාම් ඩයස්‌පෝරාවට ලැබී තිබීම විශේෂ කරුණකි.

ද්‍රවිඩ සන්ධානය, උතුරේ සිවිල් සංවිධාන හා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන හයක්‌ සමග මීට පෙර සකඡ්චා පැවැත් වූවා. ජාත්‍යන්තර විනිසුරුවන් 6 ක් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඔවුන් ඉල්ලා තිබුණා.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාචික වාර්තාවේ සඳහන් කර ඇති කරුණු:

* “ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ක්‍රියාදාමය සඳහා මානව හිමිකම් චෝදනා යුක්‌තිය පසඳලීම සහ වගවීම යන කරුණු සම්බන්ධ නොකළ යුතුයි. වන්නි මෙහෙයුම සඳහා පොකුරු බෝම්බ යොදා ගැනීමට අදාළ නව සාක්‍ෂි මතුවී ඇත. මේ ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි. විපතට පත් වූවන් වෙනුවෙන් සාධාරණත්වයක්‌ ලබාදීමට නම් හයිබ්‍රිඩ් විමර්ශනයට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය වේ”.

* “මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ සම්බන්ධව තොරතුරු සොයාගත් බව සිහිපත් කළ යුතුයි. උතුරේ හමුදාව බරපතළ ලෙස රැඳී සිටිම ද බරපතළ ප්‍රශ්නයකි. එසේම ශ්‍රී ලංකාවේ හමුදාව වෙනත් රටවල සේවයට යෑවීමට පෙර ඔවුන් ගැන නිරීක්‍ෂණයක්‌ කළ යුතුයි”.

* “හමුදාව විසින් උතුරේ අත්පත් කරගෙන ඇති ඉඩම් මුදා හැරීමට කඩිනම් ලෙස ක්‍රියා කර නැත”.

මීට අමතරව, ශ්‍රී ලංකා හමුදාව උතුරේ ගොවිපළවල් හා සංචාරක කටයුතු පවත්වාගෙන යැම ගැන ද චෝදනා නඟා ඇති බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here