Sunday, September 22, 2024

ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට යුරෝපා සංගම් වෙළඳපොළ අහිමි වන ලකුණු

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට යුරෝපා සංගම් රටවලට ලබා දෙන මනාප වෙළඳ ප්‍රවේශය අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

සඳුදා සිට ආරම්භ ​වූ මානව හිමිකම් සහ පාලන ගැටලු පිළිබඳව යුරෝපා සංගමය විසින් පවත්වනු ලබන පරීක්ෂණයත් සමඟ යුරෝපා සංගම් මනාප වෙළඳ ප්‍රවේශය ශ්‍රීලංකා ඇගලුම් කර්මාන්තයට තවදුරටත් ලැබෙනු ඇත්දැයි යන්න අවිනිශ්චිතය. 

ජුනි මස මැද භාගයේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිරිහෙමින් පැවතීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් යුරෝපා සංගමයට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ලබා දී ඇති යුරෝපා වෙළදපොළට ප්‍රවේශ වීමේ අවස්ථාව ඉවත් කර ගැනීම ගැන සලකා බලන ලෙසයි.

ඒ අනුව මේ සතිය තුළ පංච පුද්ගල නියෝජිත කණ්ඩායමක් රජයේ සහ සමාගම් නියෝජිතයින්, සිවිල් සමාජ නියෝජිතයින්, වෘත්තීය සමිති සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවීමට නියමිතය. ඔවුන් විසින් 2022 දී යුරෝපීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

2021 වසරේ මුල් මාස හත තුළදී යුරෝපා සංගම් වෙළද පොළ වෙත ඩොලර් බිලියන 2.7 ක ඇඟලුම් ශ්‍රීලංකාව විසින් අපනයනය කර ඇති අතර එම අගය ශ්‍රී ලංකා මුළු ඇඟලුම් අපනයන වටිනාකමෙන් 45%කි. යුරෝපීය සංගමයේ ජීඑස්පී+ සහනය තුළින් එම කලාපයට සිදු කෙරෙන ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව 60% ක ප්‍රතිලාභයක් ලබයි.

ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත ආරංචි මාර්ග පවසන්නේ ජීඑස්පී+ සහනය තවදුරටත් රඳවා ගැනීම සඳහා රජය යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීමට පොරොන්දු වී ඇති නමුත් මෙම පහසුකම ඉවත් කළහොත් පාර්ශවකරුවන් වෙ​ත ඩොලර් මිලියන 600 ක පාඩුවක් ලබනු ඇති බව තක්සේරු කර ඇති බවයි.

Lanka News Web

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles