Wednesday, September 25, 2024

ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ පිරිහෙන ආර්ථික තත්ත්වය පිළිබඳව කැනඩාව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් සිදුකරයි. කැනේඩියානු රජය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ ආරක්ෂාව සහ ආරක්ෂක අංශය යාවත්කාලීන කරමින් මෙම උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් ඇති වන බව එම නව යාවත්කාලීනයේ සඳහන් වේ.

කැනඩාවේ ශ්‍රී ලංකාවට පැමිණෙන තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ දිගු බාධා කිරීම් වලදී ආහාර, ජලය සහ ඉන්ධන සැපයුම් තබා ගන්නා ලෙසයි. සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝලිම් අත්විඳිය හැකි බව සංචාරක උපදේශනය වැඩි දුරටත් සදහන් කරයි.

ආහාර සහ ඉන්ධන හිඟය සම්බන්ධ තොරතුරු සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙස එය සංචාරකයින්ට දැනුම් දී ඇත.

ශ්‍රි ලංකාවේ ආර්ථික තත්වය පිරිහෙමින් පවතින බැවින් ඖෂධ, ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා වල හිඟයක් ඇතිවිය හැකි බව ඔවුන් ප්‍රකාශ කරනවා. ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය සෞඛ්‍ය සේවා ඇතුළු පොදු සේවාවන් සැපයීමටද එම නිසාම ආරකිෂාව පිරිහීමටද හේතුවිය හැකි බව කැනේඩියානු රජය සිය ජනතාවට අනතුරු අඟවනවා.

කැනඩා රජය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුවනු ඇති බවයි. එබැවින් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලයේ දී අවශ්‍ය ප්‍රමාණයට එම ද්‍රව්‍ය රැස්කගෙන යන ලෙස ද දැනුම් දී ඇත.

මෙය ඉතාමත් දරුණු අනතුරු ඇඟවීමක් ලෙස විචාරකයෝ කියති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles