අද වනවිට ජාත්‍යන්තරය ඉදිරියේ රට මුහුණ දෙන ගැටලූ රැසක් පැවති සිවිල් යුද්ධයට අදාල ගැටලූ නොව වර්තමානයේ ඇති ප්රජාතන්ත්රවාදය බිදවැටීම් පිළිබද ගැටලූ බව සමගි ජන බලවේගය පවසනවා.
අප රටද ලෝකයේ ප්රජාතන්ත්රවාදය ගරු නොකරන රටවල් අතළොස්ස අතරට ඇතුලූවීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ඉක්මනින් ගතයුතු බවයි එම පක්ෂය අවධාරණය කරන්නේ.
පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ අතර මෙරටට අධිකරණය මගින් පවා සාධාරණයක් ඉටු නොවු විවිධ සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මානව හිමිකම් සංවිධාන වල අවධානය යොමු වීම සම්බන්ධයෙන් රජය කණගාටු වියයුතු බවයි ඉමිටියාස් බාකීර් මාකර් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.