ශ්රී ලංකාවේ පෙට්රල් සහ ඩීසල් මිළ ගණන් කලාපීය අනෙකුත් රටවල් හා සැසඳීමේදී අඩු අගයක පවතින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් තබමින් ඔහු කියාසිටියේ මිළ සංශෝධනයක් සිදුකර ඇත්තේ දීර්ඝ කාලයකට පෙර බවයි.
ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ ශ්රී ලංකාවේ පෙට්රල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 0 යි දසම 8 යි 8 කටත් – ඩීසල් ලීටරයක් ඩොලර් 0 යි දසම 6 යි 0 ක මිළකටත් අලෙවි වන බවයි.