Thursday, January 23, 2025

ලංකාවේ සියයට එකක් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමකට ලක්වෙලා

ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගෙන් සියයකට එක් අයෙකු පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ ඇබ්බැහිවීමකට ගොදුරුව ඇති බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන කටයුතු අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර මහතා ප්‍රකාශ කළේය. එම තත්ත්වය ලෝක ජනගහනයෙන් පුද්ගලයන් විස්සකට එක් අයෙකු පමණ වන බවත් හෙතෙම පැවසුවේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

හෙරොයින් සහ ගංජා යන මත්ද්‍රව්‍ය මෙරට වැඩිවශයෙන්ම භාවිතවන මත්ද්‍රව්‍ය වන අතර,වාර්තාවන ප්‍රමාණයන්ට අනුව මෙරට හෙරොයින් භාවිතකරන්නන්  45,000 – 50,000 ක් වන බවත්, ගංජා භාවිතකරන්නන් ලක්ෂ දෙකකටවඩා වැඩි බවත් මෙහිදී අදහස් දක්වමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ වුවද මත්ද්‍රව්‍ය භාවිතය රහසිගතව සිදුවන බැවින් ඇතැම්විට එම ප්‍රමාණය වැඩිවිය හැකි බවත්, ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව ජාතික සමීක්ෂණයක් පැවැත්වීමට මේවසරේ කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.

මත්ද්‍රව්‍ය භාවිතය සහ නීතිවිරෝධි ප්‍රවාහනය පිටුදැකීමේ ජත්‍යන්තර සැමරුම් දිනය මේ මස 26 වැනිදාට යෙදී ඇති බැවින් එදිනට මෙරට මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ජාතික ප්‍රතිපත්තිය එළිදක්වන බව රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.

වසර 2020 වනවිට ලංකාවේ මත්ද්‍රව්‍ය පිටුදැකීම වත්මන් ආණ්ඩුවේ ඉලක්කය වන අතර, මත්ද්‍රව්‍ය භාවිතයට වසරකට අලුතින් ඇබ්බැහිවූවන් එකතුවනවා සේම සියගණනක් පමණ ඇබ්බැහිවීම්වලින් ඉවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්නේ ක්‍රියා නැවැත්වීම සඳහා ආසියාතික රටවල් එක්ව සංවිධානය වීමට බලාපොරොත්තුවන බවද රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාකීය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේහිටපු සභාපතිවරයා සකස්කර තිබුණුමත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ නම් ලැයිස්තුව පිළිබඳ වත්මන් තත්ත්වය කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදීන් සභාපතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ අවසනාවකට එම ලැයිස්තුව ඔහු කිසිවෙකු වෙත ඉදිරිපත්කර නොමැති බවයි. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඬලීම සඳහා වන වැඩපිළිවෙළක් ඇතිකරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

– See more at: http://www.ada.lk/article/167987/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%87%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F#sthash.FX81HYPa.dpuf

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles