Saturday, September 21, 2024

ලංකාවේ සියලු ළමා නිවාස වලට ඔන්ලයින් ඉගෙනුමට මඟ විවරවෙයි – මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සමඟ අන්තර්ජාල පහසුකම්!

ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කිරීම ඊයේ දිනයේ කාන්තා හා ලමාකටයුතු අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මුලිකත්වයෙන් සිදුවිය.

මෙරට සමාගම් කීපයක පූර්ණ අනුග්‍රාහය යටතේ මෙම ප්‍රදානය සිදුවිය. දිවයින පුරා විසිරී ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක අපේම දරුවන් 10,632 දෙනෙක් හට මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජය ගැනීමටත්, පරිගණක සාක්ෂරතාව වර්ධනය කරගැනීමටත් අවකාශය සැලසෙනු ඇත.

මෙතරම් විශාල පරිගණක ප්‍රමාණයක් රජයේ රැකවරණ යටතේ සිටින දරුවන් වෙත ප්‍රදානය කෙරුණු පළමු අවස්ථාව මෙයයි. ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ නේවාසිකව සිටින දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් නොබැලිය යුතු බවත් නූතන ලෝකය ජය ගැනීමට දරුවන්ට අවැසි සියල්ල මෙම දරුවන්ට ද සපයා දීම අප සැමගේ යුතුකමක් බව අමාත්‍යවරයා කියා සිටි අතර මෙරට ළමා පරපුර පිළිබඳ වගකීම් දරණ අමාත්‍යවරයා ලෙස මා නිරන්තරයෙන් ඒ සඳහා කැපවී සිටින බවයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පියල් නිශාන්ත අමාත්‍යවරයාගේ ඉල්ලීම මත Star Lanka Shipping සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කැප්ටන් ඒ. බෙනාජි මහතාගේ ආරාධනයෙන් සහ සම්බන්ධීකරණයෙන් පහත නම් සඳහන් ආයතන විසින් මෙම පරිගණක පරිත්‍යාගය සිදු කරන ලදී.

  • 1. Star Lanka Shipping Pvt Ltd
  • 2. Maersk Lanka Pvt Ltd
  • 3. GTB Steel Corporation Pvt Ltd
  • 4. Trident Corporation Pvt Ltd
  • 5. Fairfirst Insurance Pvt Ltd
  • 6 Viswak Plywood Pvt Ltd
  • 7.Union Assurance Pvt Ltd
  • 8. A One Computers Pvt Ltd

මීට අමතරව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සියළු ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අන්තර්ජාල සබඳතා ප්‍රදානය සිදුකෙරුණි.

සංකේතාත්මක පරිගණක ප්‍රදාන වැඩසටහන 2021.9.15 දින අධ්‍යාපන අමාත්‍ය ගරු  දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයේ දී සිදු විය. ක්‍රීඩා, තරුණ කටයුතු සහ ඩිජිටල් තාක්ෂණ, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, පරිවාස හා ළමාරක්ශක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුදීර නිලංග විතාන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles