Saturday, September 21, 2024

ලංකාව තුළ ආයෝජන වැඩි කිරීමට නවසීලන්තයේ අවධානය

ශ්‍රී ලංකාව තුළ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්ත රජයේ අවධානය යොමුව ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් බෙනට් මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට පවතින යහපත් ආර්ථීක හා දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම ආයෝජන පුළුල් කිරීමට ක්‍රියාකරන බව ඩේවිඩ් බෙනට් මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මෙරට ආර්ථික, යටිතල පහසුකම්, මෙන්ම කෘෂිකාර්මික කේෂ්ත්‍රය සංවර්ධනය සඳහා සහය දැක්වීමටත් පියවර ගන්නා බව ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේ ය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ නවසීලන්තය, යහපාලන රජයේ ගමන්මඟ ශක්තිමත් කිරීමට පුළුල් දායකත්වයක් ලබා දී ඇති බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles