ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

0
410

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අදාළ සමාගමට 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇත.

ඒ අනුව වාණිජමය ශක්‍යතාවයෙන් යුතු ගවේෂණ සහ නිෂ්පාදන කටයුතුවල නියැලීමට හැකිවන පරිදි දේශිය වායු ගවේෂණය සහ නිෂ්පාදනයද ඇතුලත්ව ගබඩාකරණය, නල මාර්ග ඉදිකිරීම ආදිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ එම වායු සමාගමක් රජය විසින් ස්ථාපිත කිරීමට නියමිතයි.


මෙම යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here