Monday, January 20, 2025

ලංකා රජයට ජාත්‍යන්තර ආර්ථික ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිම දැනුමක් නෑ. අපිට දෙන්න අපි කරලා පෙන්නන්නම් – බංග්ලාදේශ මාධ්‍ය හෙළ දීපයට කිංඩි දමයි

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිසි දැනුමක් නොමැති කම පෙන්නුම් කරන බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තැතිගන්වන සුළු තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවද ‘ඩකා ටි‍්‍රබියුන්’ පුවත්පත් වාර්තාවක සඳහන් වෙයි.

ආණ්ඩුවට ජාත්‍යන්තර ආර්ථිකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, බොහෝ ගැටලුවලට හේතු වී තිබන්නේ එම අනවබෝධය බවත් එම පුවත්පත වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන විදේශ විනිමය හිගය ගැන ද අදහස් පළ කරන එම වාර්තාවේ සඳහන් වන්නේ විදේශ විනිමය මිල රජය විසින් නියාමනය කිරීමට උත්සාහ කිරීම මීට හේතු වී ඇති බවයි.

අවශ්‍ය තරම් විදේශ විනිමය ලබා ගැනීමට නම් සිදු කළ යුත්තේ ඒ සඳහා ගෙවීමට අවශ්‍ය වන රුපියල් ගණන වෙනස් කිරීම පමණක් එයිද වාර්තාවේ සඳහන්ය.

විදේශ විනිමය, රජය විසින් කෘත්‍රිමව පාලනය කිරීමට උත්සාහ කිරීම කිසිසේත් සුදුසු නොවන තත්වයක් බව පෙන්වා දෙන ඩකා ට්‍රිබියුන් පවසන්නේ එසේ කෘත්‍රිමව පාලනය කිරීමේ අහිතකර ප්‍රතිඵල විශ්ලේෂණය සඳහා ශ්‍රී ලංකාව ඉතා සුදුසු රටක් ලෙස හැඳින්විය හැකි බවයි.

ශ්‍රී ලංකා රජය ආරම්භ කළ කාබනික වැඩපිළිවෙල දැඩිලෙස විවේචනය කරන එම පුවත්පත පවසන්නේ විකල්ප පොහොර සපයා ගැනීම සහ ප්‍රමාණවත් භූමියක් තිබේද යන්න පිළිබඳව සලකා බැලීමකින් තොරව සමස්ත රටම එකවර කාබනික ගොවිතැනට යොමුකළ නොහැකි බවයි.

පවතින තත්වයට මත සියලු අර්බුද සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ පවතින රජයට වඩා හොඳින් ශ්‍රී ලංකාව පාලනය කිරීමට බංග්ලාදේශයට හැකියාව තිබෙන බවද එම පුවත්පත පවසනවා. අවාසනාවකට ජාත්‍යන්තර තත්වය අනුව යටත්විජිත සංකල්පය තවදුරටත් ප්‍රායෝගික නොවන බැවින් එවැනි හැකියාවක් නොමැති බව ඩක ට්‍රිබියුන් වැඩිදුරටත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles