Thursday, January 23, 2025

ලංකා හොස්පිටල්ස් කොවිඩ් 19 ස්වයං පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

ලංකා හොස්පිටල්ස් රෝහල් පිවිසුමේදීම කොවිඩ් ආසාදිතයන් හඳුනා ගත හැකි නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි නව ක්‍රමය යටතේ රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වන තැනැත්තා සිය ජංගම දුරකතනයෙන් QR Code එක ස්කෑන් කළ යුතුය. එවිට ‘ඔව්’ සහ ‘නැහැ’ ලෙස පිළිතුරු සැපයිය

යුතු කෙටි ප්‍රශ්න කිහිපයක් දුරකතනයට ලැබේ. ඒවාට පිළිතුරු සැපැයූ පසු කෙටි පණිවිඩයක් ලැබේ. ඒ සමග

වර්ණයක්ද දක්වනු ලැබේ. කොළ වර්ණය දැක්වුවොත් අදාළ තැනැත්තා කොවිඩ් අවදානමකින් තොර අයකු වන අතර ඔහුට නිදහසේ රෝහල් පරිශ්‍රය තුළ සැරි සැරීමට අවසර ලැබේ. කහ වර්ණය දැක්වුවොත් අදාළ නැතැත්තා රෝහලේ හදිසි පරීක්ෂණ ඒකකයේදී වැඩිදුර පරීක්ෂාවට ලක් විය යුතුය. රතු වර්ණ යෙන් ඔහුට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින බව කියැවේ. රතු නිවේදනයක් ලැබෙන සියලු දෙනා රජයේ ජාතික සෞඛ්‍ය හා සුරක්ෂිතතා ක්‍රමවේදයට අනුව වහාම සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කරනු ලැබේ.

ක්‍රමයකින් සමන්විත නව කොවිඩ් හඳුනා ගැනීමේ ක්‍රමය රෝහලට පැමිණෙන රෝගීන්ට හා අනෙකුත් පුද්ගලයන්ට පෝරම පිරවීමකින් තොරව කටයුතු කිරීමේ පහසුවද සලසයි. නව තාක්ෂණයේ ආධාරයෙන් ඔවුන්ගේ තොරතුරු රෝහල් දත්ත ගබඩාවට එක් කෙරෙයි. නව ස්වයං ඇගයීම් ක්‍රියාවලිය කඩිනම්, පහසු හා ආරක්ෂිත එකක් බැවින් රෝහල් පිවිසුම අසල දිගු පෝලිම් හට ගැනීම වැළකෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles