ලංගම ඇතුළු සියලුම බස් ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

0
283

ලංකා ගමනාගමන මණ්ඩලයට සහ පෞද්ගලික බස් සේවාවට අයත් සියලුම බස් රථවල ගාස්තු ඉහළ දැමීමට ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20ක් වන අතර සෙසු සියලුම බස් ගාස්තු 15%කින් ඉහළ නංවා ඇත.

එසේම සෙසු මගීන් ප්‍රවාහනය කරන විවිධ වර්ගවල බස් සේවාවන්ගේ ගාස්තු ද 15%කින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

මේ අතර පවතින ඩොලර් අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහන ලබාදීම පිළිබඳව ද අමාත්‍ය මණ්ඩලයෙහි සාකච්ඡාවට භාජනය වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු ගැනීමට කටයුතු කෙරෙනු ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here