Thursday, September 19, 2024

ලංගම පාඩු පිට දුවයි….

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 35 දක්වා සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පවසයි.

කොරෝනා වසංගතය තුන්වන රැල්ලට පෙර ලංගම දෛනික ආදායම රුපියල් මිලියන අසූවක 80 ක පමණ අගයක් ගත් බව ද ඔහු සඳහන් කරයි.

මගී ජනතාවගේ හිඟය මෙම තත්ත්වයට බලපා ඇති බවත් පැවසූ ඒ මහතා දුර ගමන් සේවා ඇතුළු බස් රථ සීමා කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මගී ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles