ලංගම මහින්ද ඇතුලු පිරිස තවත් හිර කරයි

0
968

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ යොදාගෙන මැතිවරණ කටයුතු කිරීම නිසාවෙන් ලංගමට සිදුවූ පාඩුව පියවාගන්නට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලු සන්ධානයේ ප්‍රබලයින් කීපදෙනෙක්ට එරෙහිව නඩු පවරන්නට වත්මන් රජය පැමිණි පසු නව ලංගම බලධාරීන් කටයුතු කරන ලදි.

මහින්ද රාජපක්ෂ, සුසිල් ප්‍රෙම්ජයන්ත අැතුලු හය දෙනෙක්ට එරෙහිව මෙලෙස චෝදනා කර අැත්තේ ජනාධිපතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ජනතාව ප්‍රවාහනය කිරීම නිසා රුපියල් මිලියන 14 ක පාඩුවක් ලංගමට ඇතිවී තිබෙන නිසාවෙන් එහි සමස්ත මූල්‍ය පද්ධතියම බිඳවැටී ඇති බව පවසමින්ය.

ලංගම තමන්ගේ නීතීඥවරයින් හරහා කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව බොහෝවිට මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසට අවාසිසහගත තත්වයකට පත්වනු ඇතැයි වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here