Wednesday, November 20, 2024

ලංවිම සාමාන්‍යාධිකාරීවරයා ඉවත් නොකළහොත් විදුලි ඉංජිනේරුවන් අද දහවල් 12 සිට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත් අද දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙනවා.

ඔවුන් ඊයේ දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකද නිරතවුණා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා වහා ඉවත් කරන ලෙයසි විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලා සිටින්නේ.

මෙි අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොමුවීම සම්බන්ධයෙන් වු අවසන් තීරණයක් අද (19) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles