Wednesday, January 15, 2025

ලංවිම සාමාන්‍යාධිකාරී අවුරුද්දට 5 වතාවක් මාරු වෙලා

වසරකදී ලංකා විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරුන් 5 දෙනෙකු පත් වුවත්, වයස අවුරුදු 60 පිරී ඔවුන් විශ‍්‍රාම යෑම නිසා මණ්ඩලයේ කළමනාකරණ කටයුතුවලට එය අනිසි බලපෑමක් එල්ල කර ඇතැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙරට විශාලම මෙන්ම වැඩිම ආදායමක් උපයන රාජ්‍ය ආයතනයකට සාමාන්‍යාධිකාරිවරයෙක් පත් කිරීමේදී අඩුම තරමින් ඔහුට වසර දෙකක්වත් එම තනතුර දැරීමට හැකියාව ලබාදිය යුතු බව හෙතෙම සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ක‍්‍රමවේදය යටතේ පත්වන අයකුට මාස හතර පහකදී අවුරුදු 60 පිරී විශ‍්‍රාම යෑමට සිදුවී තිබෙන නිසා ඉකුත් වසරක කාලයේදී එම තනතුරට පත් වූ කිසිවකුට නිසි තීරණ ගෙන ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ඔහු පවසයි.

විදුලිබල මණ්ඩලයේ 24000ක් පමණ පිරිසක් සේවය කරන බවත් රටේ ආර්ථිකයට, රටට, රටේ ජනතාවට අතිශය සංවේදී දෙයක් වන ‘‘විදුලි බලය’’ ලබාදෙන ආයතනයේ ප‍්‍රධාන නිලධාරියා වන සාමාන්‍යාධිකාරි තනතුරට පත් කරන ක‍්‍රමවේදය යාවත්කාලීන කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles