ලංවීමෙි අක්‍රීය වී ඇති බලාගාර පවත්වාගෙන යෑම සඳහා තෙල් සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ක්

0
305

විදුලිබල මණ්ඩලයේ අක්‍රීය වී ඇති බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැඟින් දිනකට ලබාදීමට කටයුතු යොදා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එළඹෙන අඟහරුවාදා (18) දින පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි කටයුතු සිදු කරන බවයි.

මෙි අතර ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ විදුලිබල මණ්ඩලයට තව දුරටත් ඉන්ධන ණයට ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

බලාගාරවල ක්‍රියාකාරිත්වය සඳහා ඉන්ධන නොලැබුණහොත් ඉදිරි කාලය තුළ තවදුරටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර පැවසීය.

බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් සහ ඩීසල් හිඟවීම, නොරච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම සහ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහළ යාම මත දෛනික විදුලි සැපයුම කප්පාදු කීරීමට සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වයට ද පසුගිය කාලය තුළ බාධා පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here