ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි…

0
357

දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම

වෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වන ලක්ෂමන් විජේසේකර මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මියයන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ලක්ෂමන් විජේසේකර විසින් ගැයු බාල ළමාවරුනේ, දැල් වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර , ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, සඳ කිණිති නැමී ආදි ගීත රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත ලෙස සැලකිය හැකි ය.

එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.

ලක්ෂමන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here