ලක්ෂ 83ක විදෙස් මුදල් රේගුවේ හිරවෙයි

0
676

රුපියල් ලක්ෂ 83ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයන් නීති විරෝධී අයුරින් පාකිස්තානයට ගෙන යෑමට උත්සාහ කළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුවේ අත්අඩංගුවට පත්ව තිබේ.

අද (29දා) දහවල් 1.30ට පමණ පාකිස්තාන ජාතිකයන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටවිමට උත්සාහ කරන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සන්තකයේ තිබී ඇමෙරිකානු ඩොලර් 54500ක් සොයාගෙන තිබේ. රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here