ලක්සලේ බඩු පිට රටත් යයි – රාජ්‍ය ඇමති දයාසිරි

0
281

ලක්සල ආයතනයේ  දේශීය භාණ්ඩ විදේශයන්ට  විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.

මේ සම්බන්ධයෙන්  රටවල් කිහිපයක් සමග  ගිවිසුම් අත්සන් කර ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසූවේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොරෝනා  සමයේදී සංචාරක ව්‍යාපාරය අඩපණ වීම නිසා ලක්සල ආයතනය කඩාවැටීමකට ලක්ව තිබූ බවද  ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here