කරන වැරදිවලට අනුව ලකුණු අඩු කරමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළේ ඉතිරි කටයුතු පොලිස් නිලධාරීන් සතුව පවතින බවයි.