ලබන දෙසැම්බරය ගැන අනතුරු ඇඟවීමක්

0
290

ලබන දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම, වෛද්‍යවරුන් ඉල්ලා සිටියේ, කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද ගමන් යාමෙන් වැලකී සිටින ලෙසයි.

මෙරටින් ඊයේ තවත් කොරෝනා ආසාදිතයන් 559ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 538,320ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 20,270ක්.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ 20ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,674ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, දෙසැම්බර් මාසයේදී මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහල යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක ප්‍රකාශ කළා.

එමෙන්ම කොවිඩ් අවදානම තවමත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද සවාරිවල මේ මොහොතේ දී නොයන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඉල්ලීමක් කළා.

මේ අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගත් බව තහවුරු කෙරෙන එන්නත්කරණ කාඩ්පත රැගෙන එන ලෙස ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල ජනතාවට දැනුම් දී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here