ලබන මාර්තු සිට පතල් කර්මාන්තයට බැකෝ යන්ත්‍ර තහනම්

0
540

විශාල ප‍්‍රමාණයේ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පතල් කර්මාන්තයේ යෙදීම ලබන මාර්තු මාසයේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට බලපත‍්‍ර 104ක් නිකුත් කර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පවසනවා. ඉන් බලපත‍්‍ර 94 ක වලංගුභාවය සැප්තැම්බර් 11 වනදා අවසන් වනවා. ඉතිරි බලපත‍්‍ර 10 ක වලංගුභාවය මාර්තු මාසයේ අවසන් වන බව සභාපතිවරයා පෙන්වා දෙනවා. ඒ අනුව නැවත බලපත‍්‍ර නිකුත් නොකිරීමට අධිකාරිය තීරණය කර තිබෙනවා.

බැකෝ යන්ත‍්‍ර යොදාගෙන අනවසර මැණික් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා. ඒ සම්බන්ධ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලබාදිය හැකි බව සභාපතිවරයා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here