ලබන වසරේදී පවුල් 29,000 කට පානීය ජලය ලබා දීමට සැලසුම් කෙරේ

0
339

ලබන වසරේදී පවුල් 29000 ක් සඳහා පානීය ජලය ලබාදිමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ප්‍රධාන ගැටලුවක් වී තිබෙන බව රාජ්‍ය අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේදී නිලධාරීන් සමඟ 2022 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 7000 කට වැඩි පිරිසක් සිටින බවත් ප්‍රථමික සෞඛ්‍ය සේවා පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මඟින් එම වකුගඩු රෝගීන් පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රුපියල් මිලියන 1458ක් වියදම් කරල පොළොන්නරුව හිඟුරක්ගොඩ සිංහගම-ගල්ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඉන් පවුල් 1150 කගේ පමණ පානීය ජල අවශ්‍යතා සපිරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here