ලබන වසරේ මැතිවරණ එනතෙක් පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතට?

0
488

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර,ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ .

එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්,මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින්,පළාත් පාලන ආයතන වල නිල කාලය මාර්තු මස 19වැනිදායින් අවසන් වනු ඇත

මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද,පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here