Saturday, January 11, 2025

ලබන වසරේ සිට දුමිවැටි මිලදී ගත හැකි වයස් සීමාව අවුරුදු 21 සිට 24 දක්වා ඉහළට

දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම, මිලදී ගැනීම සහ ප්‍රවර්ධනය කිරීමේ අවම වයස් සීමාව ලබන වසරේ සිට අවුරුදු 21 සිට 24 දක්වා වැඩි කරන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළේය.


දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත 2022 වසරේදී සංශෝධනය කිරීමට තීරණය කර ඇති බැවින් අදාළ වෙනස්කම් ක්‍රියාත්මක වන බව එම අධිකාරිය සඳහන් කළේය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙි බව පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ දුම්වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය වැලැක්වීමේ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි. වසරකට වරක් දුම්වැටියක මිල ඉහළ නැංවීම සඳහා බදු සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා

මෙරට ආර්ථිකයට හානියක් සිදු නොවන පරිදි රට තුළ දුම්වැටි භාවිතය අවම කර ගැනීම සඳහා විධිමත් ක්‍රමයකට වාර්ෂිකව දුම්වැටියක මිල ඉහළ නැංවීම මෙම බදු සූත්‍රයේ අරමුණයි.

මීට අමතරව, සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලයේ සංසරණය වන දුම්කොළ නිෂ්පාදනවලට අදාළ සියලුම දැන්වීම් ඉවත් කර ඇති බවද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles