ලබන වසරේ සිට වගාකරුවන්ට තේ පැළ නොමිලේ

0
349

තේ වගා කිරීමට කැමති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ සිට තේ පැළ නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වැවිළි අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නව ක්‍රමවේදයකට අනුව තේ වගා කිරීම සඳහා තේ වගාකරුවන් ඉදිරිපත්වීම තුළින් ඉදිරි වසර 3 ඇතුළත මෙරට තේ කර්මාන්තයේ වෙනසක් සිදු කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

පවතින ක්‍රමවේදයට අනුව තේ අස්වැන්න ලබා ගැනීමට වසර තුන හමාරක් හෝ හතරක් ගත වන බැවින් වගාකරුවන් අධෛර්යට පත්වීම නිසා නව ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

එසේම බිම් සකස් කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමට ද කටයුතු කරන බවයි වැවිලි අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here