ලබන සිකුරාදා ඉදන් පැය හතරක විදුලි කප්පාදුවක් – ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිතිය දැනුම් දෙයි

0
335

ලබන සිකුරාදා සිට පැය 4 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිතිය පවසනවා.

විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිතිය අනතුරු අඟවනවා.

නමුත් එම ක්‍රියාවලියද පවත්වා ගත හැකි වන්නේ ලබන සිකුරාදා වන තුරු පමණක් බවත් එම සමිතිය වැඩිදුරටත් සඳහන් කරයි

ඉන් අනතුරුව නියත වශයෙන්ම පැය 4 ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිතිය පවසනවා.

මේ වන විට රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කරනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද සිදු කර ගැනීමට නොහැකි වන බවත් එම සමිතිය වැඩිදුරටත් සඳහන් කරයි.

රන්ජන් ජයලාල් මේ අදහස් පළ කළේ අද (23) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here