ලයිසන් නැති තුවක්කු ඡන්දෙට කලින් බාර දෙන්න!

0
283

බලපත්‍ර නොමැතිව අනවසරෙන් ළඟ තබා ගෙන සිටින සියලුම ගිනිඅවි ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත භාර දෙන ලෙසට ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා. ඒ, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

එම ගැසට් නිවේදනයෙන් බලපත්‍ර රහිත ගිනිඅවි භාර දීම සඳහා කාල සීමාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 6වනදා සිට මාර්තු 15වනදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මකයි.

එම කාලය තුළ ගිනිඅවි භාරදෙන පුද්ගලයින්ට එරෙහිව ගිනිඅවි ළඟ තබා ගැනීම හෝ භාවිතය සම්බන්ධයෙන් දඩ හෝ දඬුවම්වලට යටත් නොවන බවද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here